Jul
5

අපේ කොට යාලුවො කන මේ කටු 8 ගැන ඔබ දන්නවද? පවු ඉතින්

288 Views

ඔයත් කොටයිද? සාමාන්‍යයෙන් අඩි පහයි අඟල් හතරට වඩා කොට වීමෙන් පස්සෙ ලංකාවෙදි මිනිහෙකුව කොටා කියල හඳුන්වන එක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඕනම සෙට් එහෙක ඉන්නව කොටෙක්. ඒ අතරෙ යාළුවො ඔක්කොම හයයි දෙකට වඩා උස එවුන් අතරෙ ඉන්න කොටෙක්ව අවාසනාවන්ත කොටෙක් විදියට හැඳින්වෙනවා. ගොඩක් කොටාලා පොරවල් තමයි. හැබැයි හැම කොටාම නෙමෙයි. කොටාලා ලැජ්ජාව වහගන්න කියන කතාවක් තමයි උස කොට නෙමෙයි බං දිගයි වැදගත් කියලා. එහෙමත් නැත්තං කොයි උස ගහත් හරහා දාලයි ඉරන්නෙ කියලා. කිවුවට වැඩක් නෑ මහත්තයො කොට්ටු කොට්ටුමයි. මෙන්න එහෙමනං කොට්ටුන්ට මෙහෙදි කන්න වෙන කටු.

1. කාඩ්! – පුංචි කාලෙ ඉඳන්ම

පුංචි කාලෙම සෙට් එකෙන් කාඩ් එක වැටෙනව කොටා කියලා. ඕක උනාට පස්සෙ මුලින්ම වැට බැ‍ඳෙන්නෙ කෙල්ලොන්ට. ඇයි ඉතිං කෙල්ලො කොහොමත් කොටයිනෙ. ඉතිං උන්ටත් වඩා කොට එකෙකුට හෝ උන්ගෙ සයිස් එකේම එකෙකුට කෙල්ලො කැමති වෙන්නැති නිසා පුංචි කාලෙම විරුද්ධ ලිංගික ආකර්ෂනේ අහිමි වෙනවා. ලොකු වුනා‍මනේ ආදරයේ බලය, සල්ලි වගේ දේවල්වලට කෙල්ලො සෙට් වෙන්නෙ. අනික කොට වුනත් කමක් නෑ කොටා කියල කාඩ් එකක් නොවැටි තියෙනවනං වගේ සීන් එකකුත් තියෙනව. මොකද ඉතිං ඊටපස්සෙ කෙල්ලගෙ යාළුවොත් හදුන්වන්න ගන්නෙ ඒ නමින්නෙ. ඒකට ඉතිං ඔන්න මිජට් කෙනෙක්ව සෙට් වුනානං ගොඩ තමයි.

2. කුණු කතා

අනිත් ප්‍රධානම ප්‍රශ්නෙ තමයි කුණු කතා. උස එකෙකුට අහන්න වෙනවට හපං කුණු කතා කොට කෙනෙකුට අහන්න වෙනවා. බැඳලා මාසයක් විතර යනකං කොල්ලො කුණු කතා කියනවා.

යාළුවා – ඇත්තද මචං අංකල් ඉනිමගක් ගෙනාව කියන්නෙ උඹල ඉන්න ගෙදරට?

කොටා – ඒ මොකටද?

යාළුවා – නෑ දුවගේ දණිහෙන් පහලට විතරයි ආතල් හම්බෙන්නෙ කියල ඉනිමගක් ගෙනාවලු නේද උඹට උඩට නගින්න.

ඔන්න ඔය වගේ දේවල් සිද්ධ වෙනකොට මැෂිමකට දාලා හරි ඇදෙන්න හිතෙනවා හිතට.

3. ඩෙනිම්

ඔන්න අනිත් කරුමෙ. ලෝකෙ කිසිම රටක කොට උන්ට කියලා වෙනම කලිසන් මහන්නෙ නැහැනෙ. අනික් මුං කොට උනා කියලා ඉනවල් පොඩිත් නැහැනෙ. එහෙම උනානං පොඩි එකෙකුගෙ ඩෙනිමක් හරි බෙන්ටෙන් ඉස්ටිකරේ ගලෝලා අන්දන්න තිබුනා. ඒ හින්දා ඩෙනිම් ගත්තම ගත්ත ගාණට වඩා වියදමක් ඒකෙ ඕල්ටර් වැඩවලට කොට බුවාලට වියදං වෙනවා. සරමත් එහෙමයි. ගැටේ ගහන්න වෙන්නෙ පපුව හරියෙන්. නැත්තං ඔරුවෙ යනව වගේ පාවි පාවි තමයි යන්න වෙන්නෙ.

4. ෆොටෝවලදි

ඉස්කෝලෙ කාලෙ එක එක සංගම්වල, ක්ලාස් ට්‍රිප්වල ෆොටෝ ගත්තා. ඊටපස්සෙ එක එක කැම්පස් හෝ උසස් අධ්‍යාපනේ, එහෙමත් නැත්තං ඔෆිස්වල ෆොටෝ ගත්තත් කොටෙකුට විශේෂ අවධානයක් යොමුවීම වලක්වන්න බැහැ. ඒ ඉතිං කොටාට කියනවනෙ ඉස්සරහින් ඇවිල්ල වාඩි වෙන්න කියලා. දැන් ටීම් එකේ කුසල් මෙන්ඩිස්ට සිද්ධ වෙන සන්තෑසියම තමයි ඒ.

5. මාච් පාස්ට්

ඉස්කෝලෙ කාලෙ තියෙන දේවල්වලින් කොල්ලො අකමැතිම දේවල් ලිස්ට් කළොත් ප්‍රින්සිපල්, ප්‍රිෆෙක්ට්ට පස්සෙ අනිවාර්යෙන්ම ඒකට මාච් පාස්ට් එකත් තියෙනවා. කැඩෙට් කරන අයියලා ලොකු සීන් දාගෙන මාච් එක පුරුදු කරවද්දි දෙන්න හිතෙනවා උන්ගෙ අතේ තියෙන පොලුවලින් උන්ටම. කොටෙකුට ඔය කරදරේ වැඩියි. ඇයි ඉතිං කොට බුවාලව ගන්නවනෙ ඉස්සරහටම.

6. බස්

කොටෙකුට තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි පොල්ලෙ එල්ලෙන්නෙ කොහොමද කියන එක. බස් එකේදි පොල්ලෙ එල්ලෙන්නෙ නැතුවත් බෑ. මොකද වෙලාවකට හෙමින් ගියාට බස් මාමලාට පුළුවන් වෙච්ච ගමන් ෂූමාකර් වැ‍හෙනවනෙ. ඒ වෙලාවට අල්ලං හිටියෙ නැත්තං කොහේහරි විසික් වෙලා යනවා. ඔන්න ඕක වළක්වගන්න අල්ලගන්න ඕන උනත් කොට මිනිහෙකුට ඔටෝම ඒ අයිතිවාසිකමත් උල්ලංඝනය වෙනවා. මොකෝ ඉතිං වහලෙ බැඳලා කඹ දාන්නයැ.

7. අයිඩෙන්ටිටිය

ඕක තමයි අනිත් ප්‍රශ්නෙ. ඕනම තැනක හැදෙන අයිඩෙන්ටිටිය.

ඉස්කෝලෙදි නං – ඔය කොට පුතා කියන්න බලන්න උත්තරේ?

යාළුවො අතරෙ – පළවෙනි ෂොට් එක කොටා දාපං!

ගර්ල්ෆ්‍රෙන්ඩ් – අනේ අර පහළ තියෙන මල කඩල දෙන්නකො. ඔයාට ලේසියිනෙ

වයිෆ් – ඔයා කොහොමද ඔය බල්බ් එක ගලවන්නෙ. අයින්ට වෙන්න.

8. නාට්ටි / ෆිල්ම්

ආපෝ… ෆිල්ම් බලන්න ගියාම හෙන වදේ. ඉස්සරහ ඉන්න උන්ගෙ ඔලුවලට වැහිලා මොකුත් බම්බුවක් පේන්නෙ නෑ. නාට්ටි බලන්න ගියත් එහෙමයි. පැත්තකට ඇල වෙලා උරිස් අස්සෙන් බැලුවොත් ස්ටේජ් එකේ ඒ පැත්තෙ රඟපාන ඒවනං පේනව. ඊට හපං රැස්වීම්. චතුර මහත්තයා කතා කරන රැස්වීමක් බලන්න ගියා උත්තම කටහඬ විතරයි ඇහුනෙ කියාංකො.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply