Jun
4

අලුතෙන් තාත්තා කෙනෙක් වුනොත් මේ වගේ ආතල් සෙට් වෙනවාමයි

824 Views

අපි දැකලා තියෙනවනෙ අර ළමයි තාත්තට කොමෝඩ් එකෙන් වතුර ගෙනල්ලා දෙන, තාත්තලත් මොකුත් දන්නෙ නැතුව බොන ෆනී වීඩියෝ එක. ඇත්තටම සිද්ධ වෙන දේවල් ඊට හපං වුනාට කවුරුත් ඒ දේවල් වීඩියෝ කරන්නෙ නෑ. මේ කියන්න යන්නෙ අලුතෙන් තාත්තා කෙනෙක් වෙච්චි කෙනෙකුට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච කතා ටිකක්. මේ කතා ටික කියෙවුවම ඔයාලටත් ඔයාලගෙ කතා මතක් වේවි. ඒවා අපිත් එක්ක කියන්න.

1. අනිත් පොඩි උන් හුරතලේ

අපි ඉතිං ඔෆිස් ගිහිල්ලා ගෙදර එද්දි හවස් වෙන නිසා හැමදාම හවසට අම්මා තමයි දරුවව ඇවිදින්න එක්කගෙන යන්නෙ. හැබැයි දවසක් නිවාඩුවක් දාපු දවසක තාත්තට සිද්ධ වෙනවා දරුවව ඇවිද්දවන්න එක්කගෙන යන්න. එහෙම ගියාම තමයි වැඩේ සෙට් වෙන්නෙ. ‍වටපිටාවෙ පොඩි එවුනුයි උන්ගෙ අම්මලයි ඉන්නව හිනාවීගෙන. එක පාරටම ඒ හිනාවල් අතුරුදන් වුනා. මට දන්නැතුව පොඩි එහෙකුට මල්ලි කියවුනානෙ.

2. හදිස්සියෙම ක්ලිනික් යන්න වෙච්ච දවස

ඔන්න පුතේ දවසක් වයිෆ්ට උණ හින්දා අපිට යන්න වෙනව දරුවව‍ත් උස්සගෙන ක්ලිනික් එකට. පුතෝ ක්ලිනික් එකේ පිරිමි පුළුටකට කියල ඉන්නෙ මාස සති ගණංවලින් වයස කියන ජූන්ඩන් චූ කොල්ලො විතරයි. ඔන්න ඉතිං මාස හයේ බබාලව අරගත්තු අම්මලා එන්න කිවුව එක පෝලිමකට. මාස තුනේ බබාලව වඩාගත්තු අම්මල එන්න කිවුව මේ පෝලිමට. මගේ එකාට මාස දෙක වුනාට මොකද කියල මාත් ඉතිං වන වන ගිහිල්ල මාස තුනේ පෝලිමට සෙට් වුනා. දැන් අනිත් අම්මල ටික වපරැහෙන් බලනව. එක ගෑණියෙක් එවෙලෙම මිනිහට කෝල් එක් අරන් බැන්න තමුසෙට තමයි මෙහෙම වැඩකට එන්න බැරි, හෙණ සද්දන්ත පිරිමි දරුවො වඩං මෙතන ඉන්නව කියල. යකෝ පෝලිමේ ගියාමයි දන්නෙ එන්න කියල තියෙන්නෙ එන්නතක් විදින්න. මම ගියේ බර කිරන්න. අපරාදේ පෝලිමේ හිටියා පැයක් විතර හිටගෙන.

. කොල්ලා එක්ක ටීවී බලද්දි

මේකත් ඉතිං තාත්තල විදියට අලුතෙන් සෙට් වෙච්ච අයට වෙන ලොකු වැරැද්දක්. ඔන්න වයිෆ්ට නිදහසේ උයන්න ඕන වුනාම, ආ පුතා අප්පච්චිත් එක්ක ටීවී එක බලන්න කියල දරුවව තියලා යනවා. මෙන්න ඉතිං කොල්ලත් වාඩි වෙලා කට ඇරගෙන බලනව. මාත් බලනව. ටිකකින් වයිෆ් ඇවිල්ල මොනවද මනුස්සයො ඔය බලන්නෙ කියල ඇහුවම තමයි මතක් වෙන්නෙ මෙවුව හැදෙන දරුවකුට බලන්න හොඳ නෑ නේද කියල.

4. ළමා බියර්

බියර් ගැනයි කොල්ල ගැනයි තියෙනව කතා ගොඩක්. දවසක් කොල්ලට බත් කවද්දි වමනෙ දාලා මස් කෑල්ලක්. ඒක මට වයිෆ් බයිට් එකට හදලා දීපු මස් කෑල්ලක්. ඊටපස්සෙ කොල්ලා බීලා මගේ බිම තියල තිබ්බ හිස් බියර් කෑන් එකේ අඩිය. කොල්ලගෙ මූණෙ රතු පාට පුල්ලි පුල්ලි. ඊටපස්සෙ දවසක් බියර්වල තිත්ත ගැන තියෙන කේන්තියට කොල්ලා බියර් එක තියල පහලට ගිහින් එන ටිකට ඒකට චූ දාලා. මම දන්නෙ නැතුව උගුරකුත් බිවුවට පස්සෙයි වයිෆ් ඒක කිවුවෙ.

5. උදේ ඇහැරෙනකොට

දවසක උදේ ඇහැරෙනකොට මූණ නිකං බැට්මෑන් එකේ බේන්ගෙ වගේ. කටවටේ ඉදිමිලා. නළල ගන්න දෙයක් නෑ, පොඩි ඇලෙන සීන් එහෙකුත් තියෙනවා. කොල්ලා තනි දරුවා හින්දා අපි බෙදාහදාගැනීම හුරුකරවන්න කියල කොල්ලගෙ අතට දෙන ඕනම දෙයක් බෙදාගෙනයි පාවිච්චි කරන්න හුරු කළේ. මේක බෙදාගන්නවයි කියල මම නිදියං ඉන්නකොට චීස් කෑල්ලක් අරගෙන ඒකෙන් බාගයක් මගේ කට ගාව අතුල්ලලා ගිහින්. කූඹි කාලා තමයි මාව බේන් වෙලා තියෙන්නෙ.

6. සල්ලි මිටි ගණං

කරන්ට් බිල ගෙවන්න කියල බිලත් එක්ක දාහෙ කොල හතරක් තියලා තිබ්බා. අපේ එකා ඒ දාහෙ කොල හතර අම්මා පපඩං බඳින තාච්චියට දාලා. මම ඕක කිවුවම අපේ එකෙක් මට කියපු කතාවත් මෙතන ලියන්නම ඕන. මචං මම කරන්ට් බිල ගෙවන්න මහින්ද රාජපක්ෂ ඉන්න දාහෙ කොළ තුනක් මේසෙ උඩින් තියල ගියා. දුව මහින්ද රාජපක්ෂව කපල වෙනම බිල උඩින් ගම් ගාලා අලෝලනෙ.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply