Feb
1

අවසන් තරඟයට පෙර රහසිගත තොරතුරු දී තණතිල්ල වෙනස් කරා කියා බංග්ලාදේශයෙන් ලංකාවට චෝදනා

1445 Views

පසුගියදා ශ්‍රී ලංකාවට ජයගෙන දෙමින් නිමාවට පත්වූ තුන්කොන් එක්දින තරඟාවලිය බංගලාදේශය පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ බංගලාදේශයේ ප්‍රධාන තණතිලි සකසන්නා වන ශ්‍රී ලාංකික ජතිකයෙකු වන ගාමිණී සිල්වාටයි.

ගාමිණි සිල්වා, ශ්‍රීලංකා  පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග අවසන් තරඟයට පෙර යම් සාකච්චාවක නිරත වී ඇති බවද බංගලාදේශ රූපවාහිනි නාලිකාවක් වාර්තා කර තිබේ.

මෙම රූපවාහිනි නාලිකාව චෝදනා කරන අන්දමට ගාමිණි සිල්වා විසින් රහසිගත තොරතුරු ශ්‍රීලංකා ක්‍රිකට් බළධාරීන්ට ලබා දී ඇත.

අවසන් තරඟයේදී බංගලාදේශයට අවශ්‍ය වී තිබුණේ පිතිකරුවන්ට යෝග්‍ය තණතිල්ලක් නමුත් ගාමිණී සිල්වා විසින් පන්දු යවන්නන්ට යෝග්‍ය මන්දගාමි තණතිල්ලක් නිර්මාණය කර ඇති බවද ඔවුන් පවසයි.

එමෙන්ම අවසන් තරඟයට පෙර දිනයේ තණතීරුවට ජලය නොයෙදීමට උපදෙස් ලබා දී තිබුණද, ගාමිණී සිල්වා විසින් බංගලාදේශ ක්‍රිකට් බළධරීන්ගේ අවසරයකින් තොරව ජලය එක්කර ඇති බවද මෙහිදී සඳහන් වෙයි.

විශ්‍රාමික පොලිස් නිළධාරියෙකු වන ගාමිණී සිල්වා අන්තර්ජාලික ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කර ඇත.

එසේම අන්තර්ජාතික පුහුණුකරුවන්ගේ හා තරඟ තීරකවරයන්ගේ කමිටුවට 2002 එක්වන ඔහු, තෙවන විනිසුරුවරයෙක් ලෙස 2000 / 2009 කාලය තුලදී ටෙස්ට් තරඟ 8කදී කටයුතු කර ඇති අතර ,1999 – 2009 කාලය තුලදී එක්දින තරඟ 21 හා විස්සයි 20 තරඟ දෙකකදී විනිසුරුවරයෙකු ලෙසින් කටයුතු කර ඇත.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply