Feb
13

ඉස්කෝලේ යන කාලේ කාටත් හොරෙන් කරපු නරක වැඩ 6ක් මෙන්න

911 Views

අපිට ඉස්කෝලෙ කාලෙ හිටපු බද්ධ වෛරක්කාරයින් අතර ප්‍රිෆෙක්ට්ලා ඉස්සරහින්ම ඉන්නවා. හැබැයි ඉතිං ප්‍රිෆෙක්ට්ලා අතරින් සමහරු තමුන්ගෙ තනතුර ගැන අලි ඔලුවෙන් හිටියට කොල්ලො එක්ක වැටිලා කොල්ලො එක්කම ෆිට් එකේ හිටපු ප්‍රිෆෙක්ට්ලත් හිටියා. මේ කියන්න යන්නෙ ඔය අලි ඔලුවෙන් හිටපු ප්‍රිෆෙක්ට්ලාට හොරෙන් අපි කරපු වැඩ ටිකක්.

1. ෆෝන්

දැන් ඉතිං නීති ලිහිල් වුනාට ඒ කාලෙ හැමෝටම ෆෝන් තිබුනෙ නැහැනෙ. ඒ තිබුනු හැමෝටමත් ෆෝන් ඉස්කෝලෙට ගේන්න දුන්නෙ නෑ. ඉතිං යකෝ මේ අතලොස්සෙන් එකෙකුට තියෙන ෆෝන් එක කියන්නෙ මහාර්ඝ වස්තුවක්නෙ. ඉතිං ඌ ඕක ලොවෙත් ඉස්කෝලෙට ගේනවම තමයි. ඒකට ඉතිං පාවිච්චි කළේ කීයටවත් කවුරුත් අත නොදාන තැනක්. ඔවු! අන්ඩර්වෙයාර් අස්සෙ තිබ්බ ෆෝන් රිංග් වෙලා චාටර් වෙච්ච අතීතයකුත් අපිට තිබුනා මහත්තයො.

2. සපත්තු

සපත්තු සම්බන්ධයෙනුත් අමුතු නීති තිබ්බා. බූට්ස් බෑ, ස්ක්වෙයා ටෝ බෑ, උල් වෙන්න බෑ, ඇදෙන්න බෑ, ලේස් නැතුව බෑ. ඒකෙන් ඇත්තටම අදහස් කළේ පොලිසියේ අය දාන ජාතියෙ සපත්තු දෙකක් දාපං කියලයි. ඔන්න ඔය සීන් මොනව වුනත් ආතල් පාට සපත්තු දෙකක් දාන්න කොයි කොල්ලත් කැමතියිනෙ. අන්න ඒ නිසා කොල්ලො කළේ සපත්තු දෙක දාගෙන එන එක. මේකට ප්‍රිෆෙක්ට්ලා දීපු නීතිය තමයි ඒ සපත්තු දෙක ගලවලා තියාගෙන හවසට ආයෙ දෙන එක. ඉස්කෝලෙ ඇරුනම පෝලිමක ඉඳලා සපත්තු ගනිද්දි එපා වෙන නිසා කට්ටිය ඕක ගැන හරිම සිත් තැවුලෙනුයි හිටියෙ. අන්න ඒ නිසා කට්ටිය හොයාගත්තා විදියක්. අපිම සපත්තු දෙක ගලවලා පන්තියෙන් තියල එහෙ මෙහෙ ඇවිදිනවා. ඇහුවොත් කලින් ප්‍රිෆෙක්ට් කෙනෙක් ගැලෙවුවා කියනවා. හරි ලේසියි.

3. පත්තර

ඒ දවස්වල දැන් වගේ සීඩී, ඉන්ටර්නෙට්, USB ඩ්‍රයිවු නැහැනෙ. ඉතිං ලියපු කතාවලින් තමයි කොල්ලො නිල් චිත්‍රපටයක රස විඳගත්තෙ. හැබැයි පුතෝ වැඩේ ගොඩදාන්න හරිම අමාරුයි. මුලින්ම ගිහින් රුපියල් අසූවෙ පත්තරේ සීයක් දීලා අරගන්නවා. එහෙම අරගන්නෙ ඉතුරු රුපියල් විස්සෙන් මේක හංගගෙන එන්න විදුසර පත්තරයක් ගන්න ඕන නිසායි. ඊටපස්සෙ විදුසරේ අස්සෙ දාගෙන ඉස්කෝලෙට ගෙනල්ල කට්ටිය අතරෙ පත්තරේ පිටු බෙදලා දෙනවා. ඒ විදියට කරන්නෙ එකෙක්ව මාට්ටු වුනොත් නැති වෙන්නෙ සම්පූර්ණ පත්තරේම නොවෙන නිසා. වැඩිම වුනොත් පිටුවයි, විනය භාරගෙන් කම්මුල් පාරයි විතරයි.

4. ක්ලාස් කට්

ක්ලාස් කට් කරන වැඩෙත් එච්චර ලේසි නැහැ. ඇයි ප්‍රිෆෙක්ට්ලත් ක්ලාස් කට් කරන ගමන්නෙ ඉන්නෙ. ඉතිං උන් අවේලාවෙ අපිව දැකපු ගමන් ඇයි මේ කියල අහනව. ඔය නිසා අපි කරන්නෙ ගහනව පොඩි ලියුමක්. ඒකට මුලින්ම ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකෙන් ලියුමක් හෝ සංගමේකින් ලෙටර් හෙඩ් එකක් හොරකං කරනවා. ඊටපස්සෙ ඒකට බොරු හේතුවක් ගහනව අපි සංගමේ වැඩකට යන නිසා ටීචර්ලාට ඒකට සහය දෙන්න කියල. ප්‍රිෆෙක්ට් ඇහුවොත් කියනව ටීචර්ලට පෙන්නන්න අවසර දීපු ප්‍රින්සිපල්ගෙ ලියුම ඕනනං තියෙනව දෙන්නං කියල. උනුත් වැඩි දෙයක් අහන්නෙ නෑ ප්‍රින්සිපල්ට බය නිසා.

5. කලින් පැනිලි

ඉස්කෝලෙන් කලින් පනින එකනං ගේමක්. සමහර දවස් තියෙනව බොරුවක් ගහල ගේට්ටුවෙන්ම මාරු වෙන්න පුළුවන් දවස්. ඒත් හැම දවසෙම එහෙම බෑ. ඒ නිසා ඒකට විශේෂ ස්ථානයක් තෝරගන්න ඕන. අපි තෝරගත්තෙ ටොයිලට්වලට පිටිපස්සෙන් කෘෂිකර්ම බඩු දාලා තියෙන කාමරේ ගාවින් කැඩිච්ච බිත්තියක්. තව මිටි පාරවල් ටිකක් ගහල බිත්තිය තව ටිකක් කැඩුවා. බිත්තියෙන් එහා පැත්තට පොල් පිත්තක් තිබ්බා. දැන් මේ පැත්තෙන් කැඩිච්ච පුටු කෑල්ලක් තියල කණ්ඩියට නැගල පුටුව ඈත විසි කරල පොල් පිත්තට අඩිය තියල බහින්නයි තියෙන්නෙ. වැටෙන්නත් බෑ ඇඳුමෙ කුණු ගෑවෙනවනෙ.

6. ඉස්කෝලෙ බැජ්

ඉස්කෝලෙ එනකොට බැජ් එක ඇඳුමට මහගෙන එන්නෙ නෑ කියල ප්‍රිෆෙක්ට්ලගෙන් හෙන පොරේ. ඕක මහගෙන ඇවිල්ලත් බෑ. තනියෙන් ඉන්න වෙලාවක අනිත් ඉස්කෝලවල උන් සෙට් වුනොත් ගුටි කාල පණ යනව. අන්න ඒ නිසා කරන්නෙ සුළු දෙයක්. ඒ තමයි දෙකොන නවපු ප්ලාස්ටරේක බැජ් එක අලවගෙන එන එක. ඉස්කෝලෙදි ගැහුවා… ගේට්ටුව ගාවින් ගැලෙවුවා

 

උපුටා ගැනීම : අනිවා.lk

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply