May
10

ඒ අරුම පුදුම චොක්ලට් බවුසරය අධිවේගී මාර්ගයක පෙරලිලා තමයි ඒකෙ තිබ්බ චොක්ලට් එලියට ආවේ

318 Views

ඉතාමත් කලාතුරකින් දකින ආකාරයේ රිය අනතුරක් පිළිබඳ පෝලන්තයෙන් වාර්තාවෙයි.විදෙස්පුවත් සඳහන් කරන පරිදි පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ටොන් 12 කට අධික ද්‍රව චොකලට් මාර්ගය පුරා ගලා ගොස් ඇත.

ඉක්මණින් ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ගය තාවකාලිකව වසා දමා මාර්ගය යථා තත්වයට පත් කර ඇතත් යථාතත්වයට පත් කිරීමේ කණ්ඩායම් වලට  උකු චොකලට් තවත් ඝණ වී තිබීම නිසා  ඉවත් කිරීමට ඉතා අපහසු වී ඇත.

එසේම මෙම අනතුර සිදු වූ ස්ථානයේ පොලිස් නිලධාරීන් සිනා සෙමින් දිගු වේලාවක් මෙම සිද්ධිය බලා සිටි බවද විදෙස් වාර්තා වල දැක්වේ..

එම කණ්ඩායම්වල එක් නිලධාරියෙක් මේ පිළිබද අදහස් දක්වමින් පවසා ඇත්තේ “සිසිල් චොකලට් හිම වලට වඩා නරකයි” යනුවෙනි.

ඒ මත ගමන් කළ ඉවත් කිරීමේ යන්ත්‍රය පවා වරෙක එරී ගොස් ඇත. අවසානයේදී මාර්ගය සෝදා පිරීසිදු කිරීමට අධිපීඩිත උණු ජලය භාවිතා කොට තිබිණ.

මෙම අනතුරෙන් අදාළ චොකලට් බවුසරයේ රියදුරුගේ අතක් බිදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply