Feb
3

කාන්තාවන් 265ක් ලිංගික අපයෝජනය කල වෛද්‍යවරයාට වැඩ වරදී – (Photos)

806 Views

ජිම්නාස්ටික් ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ  ඇමරිකානු ජාතික ලැරී නසාර් ලිංගික අපයෝජනයට ලක්කළ සංඛ්‍යාව 265ක් ලෙස වාර්තා වී ඇතැයි සිද්ධිය සම්බන්ද නඩුව විභාග කරන මිචිගන් විනිසුරුවරයා පවසා සිටියි. 
 
මෙම පුද්ගලයා කාන්තාවන් 160කට අධික සංඛ්‍යාවකට අඩත්තේට්ටම් කළ බවට චෝදනා ඔප්පු වූ හෙයින් පසුගිය සතියේ අවුරුදු 175ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලැබිණි.  
 
ඔලිම්පික් රන් පදක්කම්ලාභී තරුණියන් දෙදෙනකු ද ඔහුගේ ගොදුරු බවට පත්වී ඇතැයි වාර්තා විය. මේ අතර අවුරුදු 13, 15 හා16 වයස්වල දැරියන් ද සිටින බව පැවසේ.
 
මිචිගන්හි ජිම්නාස්ටික් සමාජ ශාලාවක දී මෙහු මෙම ලිංගික අපයෝජනයන් සිදු කළ බවට ඔප්පු වී ඇත. 
 
ලැරීගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණි මිචිගන් ප්‍රාන්ත සරසවියේ ශීෂාවන් පිරිසක් ද මේ අතර සිටින බව පැවසෙන අතර සිද්ධිය වාර්තා වූ පසු සරසවියේ අධ්‍යක්ෂකවරයා හා ප්‍රධාන ක්‍රීඩා නිලධාරීන් ඉල්ලා අස්විය.  
ඇමරිකානු ඔලිම්පික් කමිටුව පවසා ඇත්තේ ජිමිනාස්ටික් ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය ද ඉල්ලා අස්විය යුතු බවයි.
 
 
(බීබීසී ඇසුරිනි – 085)

Dr. Larry Nassar, 54, appears in court for a plea hearing in Lansing, Mich., Wednesday, Nov. 22, 2017. Nasser, a sports doctor accused of molesting girls while working for USA Gymnastics and Michigan State University pleaded, guilty to multiple charges of sexual assault and will face at least 25 years in prison.(AP Photo/Paul Sancya)

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply