Jul
1

කෙල්ලෙකුයි කොල්ලෙකුයි මූණට මූණ හැප්පෙනවා… හොලිවුඩ්, බොලිවුඩ්, ශ්‍රී ලංකන් ස්ටයිල් වලට අනුව ඊළඟට මොනා වෙයිද?

465 Views

මේ කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්. ඒ තමයි මේ එකම සිද්ධියක් එක එක රටවල්වල චිත්‍රපටි සංස්කෘතියෙ විදියට ඉස්සරහට යන්න පුළුවන් විදිය. මේක ඒ රටවල ප්‍රසිද්ධ චිත්‍රපට සංස්කෘතියත් එක්ක සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් අපි මේ කියන්න යන තනි සිද්ධිය මෙහෙමයි.

කෙල්ලෙකුයි කොල්ලෙකුයි අසිහියෙන් ඇවිල්ල මූණට මූණ හැප්පෙනව.

අපි බලමු මේ සිදුවීමෙන් පස්සෙ වෙන දේවල් හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් වගේ ලෝකෙ විවිධ සිනමා නිර්මාණ ඇතුලෙ කොහොම දිග හැරෙයිද කියල.

1. හොලිවුඩ්

උන් දෙන්න නම්බර් මාරු කරගන්නව. කෝපි එහෙකට සෙට්වෙනව. ඔන්න පහුවදා උදේ ඇහැරෙන්නෙ ඇ‍ඳේ. කොල්ල ඇහැරෙද්දි කෙල්ල කොල්ලගෙ බල්ලව හුරතල් කර කර ඉන්නව. දවසක් දෙකක් හම්බෙනවා. කෙල්ල මුලින් හිතන්නෙ මූ නිකං ස්ලීප්ඕවර් එකක් කියල විතරයි වුනාට පස්සෙ දෙන්නට දෙන්න ලවු වෙනවා. යාන්තං වැඩේ ලාවට සෙට් වේගන එද්දි කෙල්ලව පිටසක්වල යානෙකින් උස්සනව. කොල්ල යානෙට පයිනව. ඔලුව වයර් වෙච්ච බුවාලා දෙතුන්දෙනෙකුට අතින් පයින් නෙලලා උන්ගෙ ට්‍රාන්ස්ෆෝමරයක් පිටිපස්සෙ බිම කොල්ලා හාන්චිපයිස් වෙලා ඉද්දි කෙල්ල යදම් බිඳලා කොල්ල ගාවට එනව. යානෙ ඇතුළෙදි ආදරෙයි කියනව. අනේ ඌ ආයෙ නැගිටලා යානෙම ඉන්න වයර් වෙච්ච බුවාලට ගහල කෙල්ල අරන් ගෙදර යනව.

2. බොලිවුඩ්

වැදිලා, බිම වැටිලා, නැගිටලා, හිනාවෙලා, සොරි කියලා, යනව. කොල්ල යන්නෙ කෑම්ප් එහෙකට. බලද්දි කොල්ල ආමි. ඌ කෑම්ප් එකේ එවුන් එක්ක කෙල්ල ගැන කිය කිය සින්දුවකට නටනව ටී පනස්හයේව කරේ තියං. කෙල්ල ත්‍රස්ථවාදියෙක්. ඒකිගෙ ලොක්ක නගරෙ පුපුරවන්න යන්නෙ. මේකි තමයි මිෂන් එකට එන්නෙ. කොහොමින් කොහොමහරි බොම්බ් ස්කොඩ් එකේ පොරක් වෙච්ච කොල්ලා ඒකි පුපුරවන්න ආපු බෝම්බෙ නිෂ්ක්‍රීය කරනව. පොර ඒක පඳුරක් අස්සෙ තිබිලා හොයාගෙන නිෂ්ක්‍රීය කරද්දි, ඒකි පස්සෙන් ඇවිල්ල මරන්න හදනවා. තාම කොල්ලගෙ මූණ පේන්නෙ නෑ. පිහියෙන් අනින්න හදද්දි කොල්ල හැරෙනව. දෙන්නට දෙන්නා අඳුරගන්නව. දෙන්නටම හිනා. බෝම්බෙ ගාවම බදාගෙන පෙරලෙනව. කෙල්ලගෙ අතේ තිබ්බ පිහිය විසිවෙල බොත්තමක වැදිලා බොම්බෙ ආයෙ සක්‍රීය වෙනව. පුපුරන්න කලින් කොල්ල පයිනව. පස්සෙ බෝම්බෙ පිපිරීමෙන් හැදුණ ගිනිදැල් අතරින් කෙල්ලව අරන් ඇවිල්ල කසාද බැඳලා, උන් දෙන්නම ත්‍රස්ථ නායකයව මරන්න යනව.

3. කොලිවුඩ්

මුල්ම පාර හිනාවක් දාලා යනව. කොල්ල වැඩ කරන පාතාලෙ පොර කෙල්ලගෙ ෆොටෝ එකක් දෙනව උස්සං වරෙන් කියල. මූ ගිහින් කෙල්ලව උස්සන් ආවට එනකං මූට අවුල්. කිඩ්නැප් කරන් එනගමං මගදි දෙන්න එක්ක එක තැඹිලි ගෙඩිය ස්ට්‍රෝ දෙකෙන් බොනවත් එක්ක. පස්සෙ ඔන්න කෙල්ලව පාතාල ලොක්කට දෙනව. ඌ මුලින්ම කෙල්ල ලවුව වැඩ කරවගන්නව. කොල්ලට ඔවුව දරාගන්න බෑ. ඌ යටි තොල හපාගෙන එළියට යනව. පස්සෙ ලොක්ක කෙල්ලව කාමරේට අරන් යනව දූසනේ කරන්න (ඔවු අර දේශපාලකයො අපේ රටට කරන එක තමයි). කරන්න පටන් ගනිද්දිම කෙල්ල පහත් හඬින් රාජූ කියනව. කොල්ල ඉන්නෙ පාරෙ උනාට ඌට ඒක ඇහෙනව. උගේ නමත් රාජු. ඌ කකුල පොලේ ගහනව කේන්තියට. පරෙයි ඉගිලෙනව සද්දෙට. දන්න ශිල්ප දාලා කෙල්ලව උස්සලා අන්තිමේ බඳිනවා.

4. සිංහල 70 දශකය

මුලින්ම හිනාවෙලා වෙන්වෙනව. බලද්දි දෙන්නම යන්නෙ ඔටර්ස් ක්ලබ් එකට. කොල්ල බීම එකක් අරන් දෙනව. කෙල්ල ඒක බොනව. දෙන්න ගෙදර යනව. කොල්ල පහුවදා ප්‍රපෝසල් එකක් බලන්න යද්දි මෙන්න යකෝ අර කොටට ගහන් ක්ලබ් එකේ බීපු කෙල්ල කොණ්ඩ කරල් දෙක ගොතලා ශාන්තව ඉන්නව පුටු සැටිය උඩ. බලද්දි කෙල්ලගෙ තාත්තා මැරයා. කොල්ලා හිත හොඳ එකා. කොල්ලගෙ තාත්තගෙ වැඩ‍පොලෙන් කප්පං ගන්නෙ කෙල්ලගෙ තාත්තාගෙ එවුන්. මේක නිසා දෙගොල්ලො අතරෙ ගේමක් ඇවිලෙනව. අන්තිම පයිට් එකේදි තාත්තට අනින්න පිහිය දෙන්නෙත් කෙල්ලම තමයි.

5. වර්තමාන සිංහල සිනමාව

හැපිච්ච ගමන් කොල්ල අහනව ආදරේද කියල. කෙල්ල කියනව “හ්ම්ම්ම්” කියල. එතන ඉඳන් උන් දෙන්නට එන ප්‍රශ්න තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ. කොල්ලට රස්සාවක් නෑ, කෙල්ලව වැඩි දෑවැද්දටයි අම්මලා දෙන්නෙ, කොල්ලට බලෙන් සෙට්කරන්න හදන උගේ ඔෆිස් බොසාගෙ දූ, කෙල්ලගෙ පිස්තෝලකාර අයියා, කොල්ලගෙ යාළුවො කරන ගොන් වැඩ, කොල්ල අතින් වැරදිලා මැරෙන කෙල්ලගෙ තාත්තා වගේ ඔක්කොම කේස් ඉවරවෙලා අන්තිමට උන් දෙන්න බඳිනව.

6. බෝනස් – වර්තමාන සිංහල මියුසික් වීඩියෝ

හැපිල වැටෙනවා. වැටිලා එහෙම්ම මහපාරෙ දාගෙන කට කනවා. ඔන්න ඔතනින් සින්දුව කියන එකා අත් දිග ඇර ඇර ජිම්නාස්ටික් කරන කෑල්ලක් යනව. ඊටපස්සෙ දෙන්නත් එක්ක පහුවදා ලවු බයිට්ස් අතගගා මනෝරමණයේ යෙදෙනවා. සතියක් යද්දි කෙල්ල ෆෝන් ආන්සර් නෑ. කොල්ලට දුකයි. යනව බලන්න. බලද්දි මෙන්න ඒකි වෙනිං තඩියෙකුගෙ උකුලෙ. ඔන්න කොල්ල එතන්ට ආපු එකට කෙල්ල බනිනව. එතන ඉඳන් මූ අස්ථි බිඳිච්ච වලහා වගේ හූ තිය තිය අඬනවා.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply