Feb
12

තියෙන පෙනුමට වඩා ලස්සනට ෆොටෝවලට ඉන්න ක්‍රම 8ක් මෙන්න

1147 Views

තියෙන පෙනුමට වඩා ලස්සනට ෆොටෝවලට ඉන්න ඕනෙම කෙනෙක් කැමති.නමුත් සමහර අය සාමාන්‍ය පෙනුම කොච්චර ලස්සන වුනත් ෆොටෝ වලට ලස්සනට පෙනෙන්නේ නැහැ.ඒ වගේම තියෙන පෙනුම එච්චර ලසන නැති අය ෆොටෝවලට හරිම ලස්සනයි.එකට තමයි ෆොටෝ ජෙනික් කියල කියන්නේ.ඉතින් ෆොටෝ ජෙනික් වෙන්නනම් බොහොම පහසු උපක්‍රම කිහිපයක් අනුගමනය කරන්න ඔබට පුළුවන්.

1. ෆොටෝවලට ඇහිපිය වැහෙන එක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්.ඒකට කරන්න තියෙන්නේ ෆොටෝ එක ගන්න තප්පරයකට විතර කලින් අහිපිල්ලන් ගහන එකයි.ඒ කියන්නේ කැමරාවේ බොත්තම ඔබන්න තප්පරයකට කලින් ඇහි පිට ගැහුවොත් ඊලග තප්පරයේදී ඇහිපිය වැහෙන්නේ නැහැ.

2. ඔබේ නිකට යටින් ද්විත්ව නිකට double chin ආකාරයෙන් ඔබේ මස්පිඩු එල්ලෙනවානම් ඒක බොහොම අවලස්සන විදියට තමයි ජායාරුපයට එන්නේ.ඒ නිසා ජායාරුපයකට මුහුණ දෙනවිට ද්විත්ව නිකට නැතිවෙන විදියට නිකට ටිකක් විතර  ඔසවා බෙල්ල සුළු ලෙස ඉරිදිරියට දික් කරන්න.

3. කැමරාවේ ආලෝකය ඍජු ලෙස මුහුණට එල්ලවෙන විදියට ඔබ සිටියොත් ඔබේ ඇස්දෙකේ කළු බෝලය රතුපාට වෙනවා.ඒ නිසා කවදාවත් ෆොටෝ එකකට මුහුණ දෙද්දී කැමරාවේ ආලෝකය ඍජුව මුහුණට එල්ලවෙන විදියට ඉන්න එපා.

4. ෆොටෝ එකක් ගන්නකොට හරි කෙලින් ඉන්න එපා.ටිකක් විතර ඇඟ හරවලා මුහුණත් පැත්තට හරවලා ඉන්න.එතකොට තමයි ඔබේ සිරුරේ හැඩය හොදින්ම පෙනෙන්නේ.ඒ වගේම මුහුණ ටිකක් ඇල කරලා ඉද්දි ඔබේ ලස්සන ඉස්මතුවෙලා පේනවා.

5. ජයාරුපයකට මුහුණ දෙන වෙලාවට දෙතොල් වෙලුනු ස්වභාවයකින් තබන්න එපා.ටිකක් විතර තෙත් කරගන්න.එතකොට මුහුණට නැවුම් බවක් එකතු කරගන්න පුළුවන්.

6. ජායාරුපයක් ගන්නවා කියන්නේ බෙල්ල හිරකරන දෙයක් වගේ තමයි සමහර අයට දැනෙන්නේ.ඒ ය එකපාරම මුළු ඇඟම තදකරගන්නවා.එතකොට බලෙන් ෆොටෝ එකට හිටවලා වගේ පෙනුමක් ඇතිවෙනවා.ඒ නිසා පුළුවන් තරම් රිලැක්ස් විදියට ෆොටෝ එකට මුහුණ දෙන්න.

7. ඔබේ පිටුපසින් ලොකු  ආලෝකයක්.අඩු තරමේ පත්තු කරපු බල්බ් එකක් හෝ තිබෙනවානම් එතන ජායාරුපයකට සුදුසු තැනක් නෙවෙයි.ඒ නිසා පිටුපසින් ආලෝකයක් ඇති ස්ථානයක ජායාරුපයකට පෙනී සිටින්නට එපා.ඒකට කියන්නේ against light කියලා.

8. ෆොටෝ එකක් ගන්න වෙලාවට හොදට දත් පේන්න හිනාවෙන්නෙත් නැතිව,රවාගෙන ඉන්නෙත් නැතිව සාමාන්‍ය විදියට එයට මුහුණ දෙන්න.ඒ කියන්නේ දෙතොල් වල මන්ද ස්මිතයක්,මදහාසයක් ඇතිවෙන විදියට මුහුණ දෙන්න.එතකොට ඔබව ගොඩක් ලස්සනට පෙනේවි.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply