Feb
11

දමිළ සිනමාවේ මේකප් නැතුව රඟන එකම නළුවා ගැන ඔබ නොදත් දේවල් මෙන්න – ඉලයිතලපති විජයි

1767 Views

ඉලයිතලපති විජයි කී විට නොදන්නා අයෙක් සිටිනවද?නැහැ.ඒ තරමට මේ රංගන ශිල්පියා රසික හදවත් වලට සමීපයි.තමන්ටම අනන්‍ය අපුර්ව රංගන සහ වාග් විලාශයකින් ජාති ආගම් භේදයකින් තොරව රසික හදවත් අමන්දානන්දයට පත්කළ විජයි ගැන තමයි දැන් කියන්න හදන්නේ

විජයිගේ ඇත්තම නම ජෝශප් විජයි.ඉලයිතලපති කියන්නේ රසිකයින් ඔහුට ආදරයට තැබූ නම.ඒ නිසාම විජයි තම නමේ ජෝශප් කොටස මගහැර ඉලයිතලපති විජයි ලෙසම භාවිතා කරනවා.

වර්ෂ 1974 ජුනි 22 උපන් විජයි දැන් 43 හවිරිදියි.නමුත් ඔහුට එතරම් වයසක් කියන්න කොහොමටත් බෑ.

දමිළ සිනමාවේ මේකප් නැතිව රඟන එකම නළුවා විජයි.විජයිගේ ඇත්තම පෙනුම තමයි ඔහුගේ හැම චිත්‍රපටයකම තිබෙන්නේ.

විජයි පළමුව වෙෙද්‍ය විද්‍යාව හදාරා එය අත්හැර,දෙවනුව දෘශ්‍ය සන්නිවේදනය පිලිබන්දහදාරා එයද අත්හැර,සිනමාවට පිවිසෙන්නේ 1992 වසරේ.

එතැන් සිට මේ වනතෙක් ඔහු චිත්‍රපට 52කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

විජයි බොහොම නිහතමානි රංගන ශිල්පියෙක්.චිත්‍රපටයට හැර ඔහු කිසිම විටක විලාසිතා පසුපස දුවන්නේ නැහැ.සුවපහසු කමිසයක්,කලිසමක් සහ සෙරෙප්පු දෙකක් තිබුනත් විජයිට ඒ හොදටම ඇති.

දමිළ සිනමාවේ සමාජ ජාල ඉතාම අවම ලෙස පරිහරණය කරන එකම නළුවාත් විජයි.තම චිත්‍රපටයකට සම්මුඛ සාකච්ජාවකට වුවත් විජයි පැමිණෙන්නේ කලාතුරකින්.ඒ කාලය ඔහු තම ඉතාම නිහඬ සමාජ සේවා කටයුතු වලට සහ සිය පවුල සමග ගෙවීමට යොදාගන්නවා.

විජයිගේ සදාකාලික සිනමා වීරයා දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත්.ඔහුගේ අන්නාමලෙයි සිනමාපටය තමයි විජයිගේ ප්‍රියතම චිත්‍රපටය.

රංගනයට අමතරව විජයි චිත්‍රපට පසුබිම් ගායකයෙක්. මේ වන විට ඔහු චිත්‍රපට ගීත 32ක් ගයා තිබෙනවා.

කුඩාකල විජයි බෙහෙවින් දඟ,කටකාර දරුවෙක් වුවත්,සිය අවුරුදු දෙකක් වයසැති නැගණියගේ මරණයේ කම්පනය ඔහුව ඉතාම නිහඬ සහ සංවේදී පුද්ගලයෙකු බවට පත්කර තිබෙනවා.

විජයි විවාහ වී සිටින්නේ ලංකා දෙමල සම්භවයක් ඇති කාන්තාවක් සමග.ඇය සංජිදා.මේ දෙපලට සරුවන් දෙදෙනෙකු සිටිනවා.

සම්මානනම් කිව නොහැකි තරමට දිනා ඇති විජයි වෙනුවෙන් දෙවරක් රසිකයින් දෙදෙනෙකු සියදිවි හානිකොටගෙන තිබෙනවා.සෑම නව චිත්‍රපටයක් මුදාහැරීමත් සමග විජයි කරන එකම රසික ඉල්ලීම “කරුණාකර මාව මිනීමරුවෙක් ලෙසට පත් කරවන්න එපා” යන්නයි.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply