Dec
6

දළ ගනුදෙනුව සිදුවූ පන්සලේ හිමිනම අතුරුදහන්

373 Views

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඇත් දළ ගනුදෙනුව සිදුවූ පොල්පිතිගම නාගල රජමහා විහාරාධිපති හිමියෝ දින කිහිපයක් තිස්සේ එම විහාරස්ථානයෙන් අතුරුදන්වී සිටිති.
“මව්බිම” මාධ්‍යවේදීන් ඊයේ (5දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අනාවරණය වූයේ විහාරාධිපති හිමියන් දින කිහිපයකින් විහාරස්ථානයට වැඩම කර නොමැති බවයි.
ඒ පිළිබඳව නාගල විහාරවාසී භික්ෂුන් වහන්සේගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ දින කිහිපයකට පෙර විහාරාධිපති හිමියන් සති පිරිතක් සඳහා යන බැව් පවසා බැහැර වැඩම කළ බවත් උන්වහන්සේ කිසි දිනක යන එන තැන් පිළිබඳව තමන් වහන්සේට නොපවසන බවත්ය.

නාගල විහාරාධිපති හිමියන් වැඩ වාසය කළ ආවාස ගෙය ඇතුළු ගොඩනැඟිල්ල වසා යතුරු දමා තිබෙන අතර සියලු ‍ෙදාර ජනෙල් වසා දමා යතුරු රැගෙන ගොස් ඇතැයි ආවාස ගෙය භාරව සිටින පුද්ගලයෙක් අප සමඟ පැවැසීය.

වසා දමා ඇති ආවාස ගෙය ඉදිරිපිට විහාරාධිපති හිමියන් හට අයත් බව පැවැසෙන සුඛෝපභෝගී ජිප් රථ දෙකක් නවතා තිබෙන අයුරුද අප කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි විය.

ඇත් දළ ජාවාරමට දැනට අත්අඩංගුවේ පසුවන හේරත්ගම ග්‍රාම නිලධාරියා නිතර පන්සලට ආගිය අයෙක් සහ ප්‍රධාන දායකයකු බව නාගල රජමහා විහාරවාසී භික්ෂුන් වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

ඡායා – සජීව චින්තක කහඳගමගේ

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply