Jun
13

නිරුවත අපට පුරුදු කරන්නට දරන තැතක්‌ පෙනෙන්නට තිබෙනවා

1327 Views

නිරුවත අපට පුරුදු කරන්නට දරන තැතක්‌ පෙනෙන්නට තිබෙනවා

අඩ නිරුවත් ඇඳුමක්‌ සමාජයකට ප්‍රශ්නයක්‌ නැතැයි කියන්න බැහැ. එයට හේතුව සදාචාරයක්‌ තියෙන්න ඕනෑ නිසා. හැබැයි නිරුවතින් වුවත් කැබරේ ගියාට ප්‍රශ්නයක්‌ වන්නේ නැහැ. ඒ කියන්නේ ගැළපෙන තැනට ගැළපෙන ඇඳුම ප්‍රශ්නයක්‌ නැහැ කියන එකයි. හැබැයි යමෙක්‌ තර්ක කරන්න පුළුවන් සංවර ඇඳුම ඇදලා රටේ තියෙන ඔක්‌කොම වැරදි කරනවා කියලා. ඒක වෙනම කතාවක්‌. සමාජ සංස්‌කෘතිය තුළ සංවරකම පිළිබඳවයි මේ අපි කතා කරන්නේ.

අඩ නිරුවත සමාජයට ප්‍රශ්නයක්‌ බව තේරුම් ගෙන ඇති නිසාවෙන් එක්‌ එක්‌ සමාජ තුළ වාරණ පනවා තිබෙනවා. එයට උදාහරණයක්‌ ලෙසට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට පෙන්වා දෙන්නට පුළුවන්.

හොඳින් විමසා බැලීමේදී අඩ නිරුවත පිළිබඳ පෙනෙන්නට තිබෙන්නේ මෙය බටහිරින් එන දෙයක්‌ ලෙසටයි. අපේ සමාජයට අඩ නිරුවත හඳුන්වා දෙන්නට බටහිරින් දැන් උත්සාහ දරන්නේ මත් රකුසාට සමාජය ගොදුරුකර හමාර නිසා. ඇත්තටම මේවා බටහිරින්, සෙසු රටවල් ගිල ගැනීමට දරණ උත්සාහයන් මිස රටවලට ආදරයෙන් කරන දේවල් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. හරියට ඇතැම් රටවල් යුද්ධයෙන් විනාශ කරන්නට හදනවා වගේ තමයි මේ නිරුවත, මත් ද්‍රව්‍ය ප්‍රචාරය වැනි කටයුතුත් සිදුවන්නේ.

නිරුවත ගැන කතා කරන ලෝකයේ දියුණු රටවල පවා නිරුවත නීතිමය රාමු තුළට කොටුකර තිබෙනවා. ඕස්‌ටේ්‍රලියාවේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට රාත්‍රි දහයෙන් පසු විකාශය කරන්නේ. ළමයි ගැන ඔවුන්ගේ හැදියාව ගැන සලකන නිසා. ඇමරිකාවේත් නිරුවතට, අඩ නිරුවතට නීතියක්‌ තිබෙනවා. ඇමරිකාවේ පවා දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරුවතට නීති පනවා තිබෙනවා.

යමෙක්‌ තර්ක කරනවා නම් තමන්ගේ නිදහසට ඕනෑම ඇඳුමක්‌ අඳින්නට පුළුවන් කියා එසේ නම් ඒ සඳහා සුදුසු තැන් තෝරාගෙන එසේ ඇඳීමේ හැකියාව තිබෙනවා. එසේ නොමැතිව ප්‍රසිද්ධ සමාජයේ එහෙම නිරුවතට ඉඩක්‌ නැහැ. ඒ සඳහා නීති පද්ධතියක්‌ තිබෙනවා.

ආචාර්ය නීතිඥ
ප්‍රතිභා මහානාමහේවා

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply