Dec
6

පැණි වරකා කඩන්න ගිහින් සරම ගැලවිලා වෙච්ච දේ – “මෙහෙම ගස්ද මම නැගල තියෙන්නේ”

460 Views

සැමියාගේ පුරසාරම් හේතුවෙන් බිරියට රැකියාව අහිමිවීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඔහුගේ බිරිය ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඔහු එදිනෙදා ලැබෙන කුලී වැඩවලින් ලැබෙන මුදල්වලින් වැඩි ප‍්‍රමාණයක් මත්පැන් සඳහා වැය කරයි.  ගම පුරා කරක් ගසමින් පුරසාරම් දොඩමින් සිට හැන්දෑ වනවිට හිමිහිට ගෙදර එන ඔහු බිරියගේ අතට කීයක් හෝ දී විහිළුවක් කර ෂේප්වීමේ කලාව හොඳට දැනගෙන සිටියේය.

පසුගිය දිනක බිරිය ඔහුට පවසා තිබුණේ ලබන සෙනසුරාදා වැඩපළේ කෙල්ලෝ කට්ටියක් කෑමට එනවා අපේ පැණි වරකා ගහෙන් ගෙඩියක් කඩන්න. එදාට එක එක මලජරාවල් බොන්නේ නැතිව හොඳ සරමක් ඇඳගෙන පිළිවෙළට ඉන්න කියාය.

සෙනසුරාදා දින උදාවිය. සිය බිරිය දියණියන් දෙදෙනාද සමඟ දහවල් ආහාර පිළියෙළ කරමින් සිටින අතරතුර සැමියා හිමිහිට නිවෙසින් මාරුවිය. ගමේ  හොර සුරා පොළට වැදී ෂොට් එකක් දමාගෙන නිවෙසට පැමිණ බුලත්විටක්ද කා නිදා ගත්තේය.

දහවල් වනවිට බිරියගේ මිතුරියෝ පිරිස වෑන් රථයකින් පැමිණියහ. ඔවුහු කෑම කෑවෝය. ‘ඔයා හැමදාම වර්ණනා කරන පැණි වරකා ගහෙන් අද කන්නම  ඕනෑ’ යැයි කීහ.

මිතුරියන්ගේ ඉල්ලීම අනුව බිරිය වහාම නිදා සිටි සැමියා ඇහැරවා ‘තම මිතුරියන්ට වරකා කන්න ආසලූ ඔයා පරෙස්සමට ගහට නැගලා ගෙඩියක් කඩන්න’ යනුවෙන් ඉල්ලා තිබේ.

තරමක් වෙරි මතිනුත් සිටි ඔහු වහා සරම කැසපොට ගහගෙන කොස් ගහට නැග්ගේය. අනේ අයියේ බලාගෙන වැඩිය උඩට නගින්න එපා වරකා නැතිනම් බහින්නැයි මිතුරියෝ ආයාචනා කළහ.

නංගිලා බයවෙන්න එපා මෙහෙම උඩද මම නැගලා තියෙන්නේ නේද? යනුවෙන් බිරියගෙන්ද ඇසුවේය. එසේ කියමින් වැඩිදුරක් ඔහුට නගින්න සිදුවූවේ නැත. එකවරම අතෙහි වැදි දිමි ගොටුවක් කැඞී ඇඟ පුරා විසිරීමෙන් ඇඳ සිටි සරම කඩා වැටිණි. ඊයා අපෝ යනුවෙන් කෑගසමින් මිතුරියෝ පිරිස දුවගොස් පැමිණි වෑන් රථයට ගොඩවූහ. බිරිය දියණියන් දෙදෙනාද ඇදගෙන නිවෙසට දිව ගියාය.

දැන් ඉතිං ඔක්කොම දේවල් වෙලා ඉවරයි සිතමින් හිමින් සීරුවේ ගසෙන් බැස බිරියගේ හා දරුවන්ගේ මුහුණ බැලීමට බැරි නිසා පොඞ්ඩක් හීනියට අරගෙන හැන්දෑවේ ගෙදර එනවා හිතමින් ඔහු යන්නට ගියේය.

වෙරි පිට ගෙදර එනවිට බිරිය දරු දෙදෙනාද රැගෙන ඇගේ ගෙදර ගොසිණි. දින ගණනාවක් ගතවිය. බිරිය එන පාටක් නැත. නැවත කිසිදා නොබොන බවට පොරොන්දුවී බිරිය දරුවන් තම නිවෙසට කැඳවාගෙන ආවේය. බිරිය ලැජ්ජාව නිසා දැන් වෙන ඇඟලූම් ආයතනයක රැකියාවට යයි. දැන් ඔහු මත්පැන් තියෙන දිහාවකින් යන්නේද නැත. නමුත් මග තොටේදී හමුවන මිතුරන් අහන්නේ සරම තවම ගහ උඩද? යනුවෙනි.

(බන්දුල පී. දයාරත්න)

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply