Mar
13

බළලුන් 40ක් රඳවාගෙන අමානුෂික ආකාරයෙන් සැලකු කාන්තාව පිටුවහල් කෙරේ – (Photos)

392 Views

අබුඩාබියේ නිවසක් තුල බළලුන් හතළිහක් රඳවාගෙන ආමානුෂික ආකාරයෙන් සැලකු කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස අබුඩාබි අධිකරණයක් නියෝග කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

බළලුන් සුරතලුන් ලෙස විකුණීමට නිවස තුල රඳවා තබාගෙන සිටි බවත් ඇයට නීත්‍යානුකූල අවසර පත්‍රයක් නොමැති බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.

කාන්තාවගේ නිවස දෙසින් අධික දුර්ගන්ධයක් පැමිණෙන නිසා අසල්වාසීන් අදාල බලධාරීන්ට දැණුම් දී ඇති අතර බලධාරීන් පැමිණ නිවස පරීක්ෂා කිරීමේදිබළලුන්ටවිවිධ රෝගාබාධ වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බව වාර්තා වේ.

ගෘහස්ථ සතුන්ට අමානුෂික ආකාරයෙන් සලකන පුද්ගලයින්ට ඩිරාම් 200,000ක් දක්වා දඩ මුදලක් සහ විදේශිකයෙක් නම් රටින් පිටුවහල් කිරීමේ හැකියාව පවතින බව වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

නිවස තුල සිටි සියලුම බළලුන්ට ප්‍රතිකාර සහ නිසි රැකවරණය ලබාදීමට එමිරේට්ස් වනජීවි සංරක්ෂණ මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින් පුවත් ඇසුරෙනි)

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply