Apr
15

මේ ටෙක්නොලජි 5 ලෝකෙට අවොත් කට්ටියටම බඩු පැකට්

987 Views

තාක්ෂණේ දැන් ඉතිං ලොකුවටම දියුණුයිනෙ. දැන් ඉතිං අර ඉස්සර නහය වකුටු මහත්තයා කියන්න වගේ මට කොරාන්ඩ බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි… පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි කියන දේත් හෝ ගාලා සිද්ධ වෙනවනෙ. ඔය ප්‍රශ්න ඔයිට වඩා අවුල් යන්න පුළුවන් තැනක් ගැනයි අපි මේ කියන්න යන්නෙ. ඇත්තටම කවදාහරි තාක්ෂණය අපි මේ කියන තරමට දියුණු වුනොත් වහකන්ඩ තමයි පුතේ වෙන්නෙ. ඒ හින්දා කවදාවත් මෙහෙම වෙයි කියලා ප්‍රාර්ථනා නොකර මේක කියවලා බිය සිතේ උපදවා ගන්න.

1. ටයිප් කරන් ගිහින් මකපු sms පේන විදියක්

ඔන්න පුතෝ කෙලවනවනං වැඩ. අපිට ඕනතරං මූණ දෙන්න වෙන අවස්ථාවක් තමයි මේ ඇබැද්දිය. ඒ තමයි වැරදිලා දේවල් ටයිප් වෙන එක. ක්‍රෂ් එකට හිතේ තියෙන ඔක්කොම කියවෙන්න යනවා, යාළුවට යවන smsවැරදිලා අම්මට යවන්න හදනවා, ගර්ල්ෆ්‍රෙන්ඩ්ට යවන්න තියෙන එවුව එක්ස්ගර්ල්ෆ්‍රෙන්ඩ්ට යවන්න හදනවා. ඉතිං ඔය වගේ එවුව ගොඩ දාගන්නෙ යාන්තං ටයිප් කරගෙන යද්දි මතක් වෙලා මකන නිසායි. හැබැයි පුතෝ කවදාහරි සෙන්ඩ් කරන්න කලින් ටයිප් කරපුවත් පේන මට්ටමකට තාක්ෂණේ දියුණු වුනොත් වෙඩි කන්න තමයි වෙන්නෙ.

2. හැම කෙනාම ඉන්න තැන් රියල්ටයිම් බලන විදියක්

දැන් ඔය කට්ටිය ඉතිං බොරු කියන අවස්ථා තියෙනවනෙ. ලවු කරන්න එන දවසෙ ඇහැරෙන්න පරක්කු වෙලා කොහෙද ඉන්නෙ ඇහුවම කෙල්ලට කියනව බස් එකේ කියල. හැබැයි ඉතිං එතකොටත් සරම හොයන ගමන්. ඔෆිස් එකෙන් කලින් පැන්නම ලොක්ක කෝල් කලොත් ලොක්කට කියනව ඔෆිස් වැඩකට යනගමන් කියලා. ඔය බොරු ඉතිං මෙච්චර කල් සාර්ථකව වැඩ කලානෙ. ඒත් පුතෝ රියල්ටයිම් තමුන් ඉන්න තැන අපේ කැමැත්තෙන් තොරව පෙන්නන සීන් එකක් ආවොත් වහකන්න නේද වෙන්නෙ කියල මතක් කරගන්න වෙයි. දැනට තියෙන එස්එම්එස් එකකින් බලන වැඩේටනං සිග්නල් කණුවක් අවුල් ගිහින් වෙන්නැති කියලවත් කියන්න පුළුවන් වුනත් මේ ප්‍රශ්නෙ ඊට හපං වෙනවා.

3. ගුරු දෙමාපිය සෝෂල් නෙට්වර්ක්

ඉස්කෝලෙ යන ළමයි ආසම නැති දවස මොකද්ද කියල ඇහුවොත්, එහෙම නැත්නම් විභාගෙ දවසටත්  වඩා අකමැති දවස මොකද්ද කියල ඇහුවොත් ඒ තමයි පේරන්ට්ස් ඩේ. ගුරු දෙගුරු මුණ ගැහෙන දිනය. එදාට ඉතිං ගෙදර කේලං ටික අම්ම ටීචර් එක්ක කියනවා, ඉස්කෝලෙ කේලං ටික ටීචර් අම්ම එක්ක කියනව. අපි හාකොබොන්ඩ් කාපු ඇට රිලවු වගේ විරවගෙන ඉන්නවා. එදා ඉඳන් මාසයක් යනකං ටීචර් ඔරෝනව. මාස දෙකක් අම්ම ඔරෝනව. දැන් ඔය තත්ත්වෙ ගොඩ දාගෙන යාන්තං හිටියට මොකද අපේ උන්දලා කොහොම හරි ගෙදරට එකයි ඉස්කෝලෙට එකයි විදියට රිපෝට් කාඩ් තියෙගෙන, තාත්තගෙ අස්සන හොරෙන් ගහලා ගේම ඇදගෙන ගියානෙ. වැඩේ පුංකුඩුතිවු වෙන්නෙ අම්මලටයි ටීචර්ටයි ඔන්ලයින් කනෙක්ට් වෙන සෝෂල් නෙට්වර්ක් එකක් ඉස්කෝල ඇතුළෙ හැදුනොත් තමයි.

4. ත්‍රී ඩී ප්‍රින්ටඩ් කෑම

දැන් ඔය කෑමට ආසා මිනිස්සු ඉන්නවනෙ. කෑමට ආසා මිනිස්සුන්ට තියෙනව ලොවෙත් නැති අටෝරාසියක් ලෙඩ. ඔය ලෙඩ ටික දැනට ටිකක් හරි ෂේප් වෙන්නෙ කෑමවලට තියෙන ආසාවටත් වැඩියෙන් කඩේ යන්න හෝ උයන්න තියෙන කම්මැලිකම නිසායි. දැන් ඕකට කෙලවෙන්නෙ කෑම ත්‍රීඩී ප්‍රින්ට් කරන මැෂිමක් ආවොත් තමයි. අන්න එදාට මේ හිත වාවගන්න බැරුව කාල, මේ බඩ දරාගන්න බැරුව පුරෝදාලා තමයි පුතෝ සෙත්තපෝච්චි වෙන්නෙ.

5. ආණ්ඩුවෙන් ලොකු ගාණක් අරං කරන ඇඩ්වටයිස් ටීවී

මං මේ කියන්‍න යන්නෙ අනාගතේ වෙන්න පුළුවන් දෙයක්. දැන් යූටියුබ් වීඩියෝවල ඇඩ් දැම්මොත් ස්කිප් කරනවා, ටීවීවල ඇඩ් ආවොත් වෙනිං චැනල් එකකට දානව, සෝෂල් මීඩියාවල නං බ්ලොක් කරනව, ඉතිං ඔය හින්දා ඇඩ් බලන්න විදියක් නෑ. ඕකෙන් බඩේ පාර වදිනව ඇඩ්වටයිසින් බුවාලට. උන් ඔය ලොකු කොම්පැනි ලොක්කො අඩියක් ගහන තැනකට ගිහින් මොලේට දානව විෂබීජයක්. ඊටපස්සෙ ලොකු ලොක්කො එකතු වෙලා ගහගන්නව ලොකු කොම්පැනි ලොක්කන්ගේ සංගමය කියල එකක්. ඊටපස්සෙ ආණ්ඩුවට ලොකු ටැක්ස් එකක් ගෙවන පොරොන්දුව පිට අයිඩියා එකක් දානව මහ තැනගෙ ඔලුවට. මොකද්ද අයිඩියා එක. ඇඩ්වටයිස් ටීවී. වරිපනං රෙජිස්ටර් වෙච්ච ගමන් හැම ගෙදරටම හම්බෙනව ටීවී එකක්. ඒක දෙන්නෙ අර සංගමෙන්. මීට පස්සෙ ඇඩ් යන්නෙ නෑ ටීවී ඉන්ටනෙට් වල. මලාට ඕෆ් කරන්න බැරි ඉන්බිල්ට් බැටරියකින් සෝලා පවර් වලින් චාජ් වෙවී දුවන ඇඩ්වටයිස් ටීවී එකෙන් අර හැම ඇඩ් එකක්ම කියනව. කැමති වුනත් නැතත් අහන් ඉන්නම ඕන. කොහොමද මහත්තයො ඔය වැඩේ ක්‍රියාත්මක වුනොත්.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply