Jun
10

රජිනි මහත්තයෝ, පපුවට අත තියල කියන්නේ ඕක නවත්තන්න – රංජන්ගෙන් රජිනිට පණිවිඩයක්

824 Views

සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් එක්කරමින් දකුණු ඉන්දීය නලු රජිනිකාන්ත්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනම් නැවතත් පී.ඒ රංජිත් නැමැති අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට සදහා දායක නොවෙන ලෙසටයි.

මෙම වීඩියෝව මගින් රංජන් රාමනායක රජිනිකාන්ත් මෙන්ම ඔහුගේ බිරිඳ, දියණිය අයිෂ්වර්යා සහ බෑනා ධණුෂ්ගෙන් ඉල්ලා සිටින්නේ පී.ඒ රංජිත් අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට සදහා නැවතත් රජිනිකාන්ත්ට රංගනයෙන් දායක වීමට ඉඩ නොදෙන ලෙසට‍යි.

තමන් රජිනිකාන්ත්ගේ ප්‍රබල රසිකයෙක් බවත් රජිනිකාන්ත් වැනි සුපිරි තරුවකගේ ප්‍රතිරූපය විනාශ වන අයුරින් පී. ඒ රංජිත් අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබෙන බවටත් රංජන් චෝදනා කරනවා. පී.ඒ රංජිත් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකට නැවතත් රජිනිකාන්ත් සම්බන්ධ වුවහොත් එම චිත්‍රපටයට සතුරෙක් අවශ්‍ය නැති බවත්, අධ්‍යක්ෂකවරයා සතුරෙක් ලෙස රජිනිගේ ප්‍රතිරූපය විනාශ කර දමනු ඇති බවටත් අමාත්‍යවරයා පවසනවා.

රජිනිකාන්ත් යනු තමන් බෙහෙවින් ආදරය කරනා, තමන් ආදර්ශයට ගන්නා නලුවා බවත් එම නිසා පී.ඒ රංජිත්ගේ චිත්‍රපටයේ රජිනිට නිසි තැන නොලැබීම පිලිබදව තමන් ඇතුලු රජිනිකාන්ත් රසිකයන් කනගාටුවට පත්වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම වීඩියෝවේ වැඩි දුරටත් පවසනවා.

දකුණු ඉන්දීය නලු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය කාල ද්‍රවිඩ චිත්‍රපටය මේ දිනවල තිරගත වන අතර එහි අධ්‍යක්ෂකවරයා වන්නේ පී.ඒ රංජිත් නැමැති තමිල්නාඩු අධ්‍යක්ෂකවරයායි.

උපුටාගැනීම : නෙත්ගොසිප්

එම වීඩියෝව පහතින්,

ranjanramanayake talking about rajinikanths new movie kaalaa,criticize director ranjith

Posted by Ranjan Ramanayake on Friday, June 8, 2018

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply