Jul
9

රියදුරු මිතුරන් දෙදෙනාගේ විහිලුව අනතුරක් වෙයි, හැට දෙනෙකු රෝහලේ, අනතුරට හේතුව මෙන්න

1296 Views

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද (09) දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවුනු අනතුරින් භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකෙහිම ගමන් ගත් තුවාල ලැබූ පිරිස් ගලෙවෙල ,කුරුණෑගල,ගොකරැල්ල,දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පිරිස අතර රියදුරන් දෙදෙනා ද සිටින බව පොලිසිය සඳහන් කළා. එසේම රෝහල්ගත කල පිරිස අතරින් විසිදෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.මේ අතර අනතුරට පත් බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බස් රථ බව හඳුනා ගෙන තිබෙනවා. ඒ අතුරින් එක් බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා ධාවන වූ අතර අනෙක් බස් රථය වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය කර තිබුණා.

මෙම අනතුරට හේතුව තවත් වාහනයකට ඉස්සර කිරීමට යාම බව පොලීසිය ප්‍රකාශ කලද, බස් රථයේ සිටි ජනතාව ප්‍රකාශ කරන්නේ ඊට විරුද්ධ අදහසක්. ඒ අනුව ඔවුන් පවසන්නේ බස් රථ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණ ඔවුන් දෙදෙනාගේ මිතුරුකමට බස් රථ දෙක එකට යා කිරීමට උත්සාහ කළ බවත්, සිදු කිරීමට ගිය එම විහිළුවේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ බස් රථ දෙක එකිනෙක ගැටුනු බවත්ය.

එසේම බස් රථ දෙකම එකම අයිතිකරුට අයත් බස් රථ බැවින් රියදුරන් දෙදෙනා නිතර ප්‍රධාන මාර්ගයේ දී හමුවී සංඥා දෙමින් විදුලි පහන් දල්වමින් ගමන් කිරීම සිදුකළ බවද ඇතැම් මගීන් ප්‍රකාශ කර තිබුණා.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply