Feb
11

ලිංගික වෙළදාමට නිරුපිකාවක් සූට්කේසයක දමා අරගෙන ගිහින් – (Photos)

741 Views

ඡුායාරූපගත කිරීමක් සඳහා යැයි පවසමින් ගෙන්වා ගත් බි‍්‍රතාන්‍ය නිරූපණ ශිල්පිනිය ලිංගික වහල් සේවයේ යොදාගැනීම සඳහා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු හා ඔහුගේ මව ඉතාලි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ච්ලොයි අයිලින් නමැති මෙම නිරූපණ ශිල්පිනියට සැකකරු විසින් ඡුායාරූපගත කිරීමක් සඳහා ඉතාලියේ මිලානෝ වෙත පැමිණෙන ලෙස පවසා ඇත. ඇය එහි පැමිණි පසු අධික ලෙස මත්පැන් පානය කරවා ඇයව අමානුෂික අන්දමින් සූට්කේසයක් තුළ දමාගෙන ඇය අලෙවි කිරීම සඳහා ගෙනයාමට සැකකරු කටයුතු කර තිබුණි.

ඇය අලෙවි කිරීමට සැකකරු ජාවාරම්කරුවන් සමග කතිකා කරගෙන තිබූ මුදල ඩොලර් ලක්ෂ 3කි. 20 හැවිරිදි නිරූපණ ශිල්පිනිය බහා තිබූ අසුරනය මෝටර් රථයක දමාගෙන සැකකරු ටියුරින් ප‍්‍රදේශයට වඩාත් දුරින් පිහිටි ගොවිපළක් වෙත ගෙනගොස් තිබේ. කෙසේවෙතත් මෙම නිරූපණ ශිල්පිනිය දෙහැවිරිදි බිලිඳියකගේ මවක් බව දැනගත් වහාම සැකකරු ඇය මිලානෝ වෙත ගෙනැවිත් අතහැර තිබේ. පසුව ඇය ආරක්ෂක අංශ සහාය පැතීම නිසා යළි සිය රටට පැමිණීමට හැකිව ඇත.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply