May
24

ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ – විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසයි

401 Views

සුප්‍රකට බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ බව නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසයි.

නාන බේසමකට යමකු දමා එය හදිසි අනතුරකින් සිදු වූවක්‌ යෑයි ප්‍රකාශ කිරීම පහසුයි යෑයි ඔහු කියා සිටියේය.

ඩුබායි බලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කෙරේ සෑහීමට පත්විය නොහැකියි ඩුබාහි ජුමෙයිරා හෝටලයට ගිය නමුත් ශ්‍රී දේවිය නතර වී සිටි කාමරයට යැමට ඉඩ දුන්නේ නැහැ යෑයි වෙඩ් භූෂාන් පළ කළේය.

ශ්‍රී දේවියගේ මරණය ගැන තොරතුරු වසන් වී ඇති බවත් ඉන්දියාවද ඒ ගැන පරීක්‍ෂණ කර නැතැයි හෙතෙම හෙළි කළේය.ශ්‍රී දේවි නාන තටාකයේ ගිලී මියගිය බවට කර ඇති ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවද වෙඩ් භූෂාන් පළ කළේය.

ශ්‍රී දේවිය වැනි උසින් යුත් කාන්තාවක්‌ නාන බේසමේ ගිලී මිය ගිය බව කිසිම පොලිස්‌ විමර්ශකයෙක්‌ පිළිගන්නේ නැති බවද ඔහු කීවේය.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply