May
2

ෆේස්‌බුක්‌ ප්‍රශ්නයක් නිසා වට්‌ස්‌ඇප් නිර්මාතෘ ඉල්ලා අස්‌වෙයි

155 Views

වට්‌ස්‌ ඇප් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෑන් කෝව් එම තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.ඔහු එම ජාලයේ ආරම්භක දෙදෙනාගෙන් එක්‌ අයෙකි. වට්‌ස්‌ ඇප් ජාලයේ ප්‍රධාන සමාගම වන ෆේස්‌බුක්‌ සමාගම සමඟ ඇති කර ගත් ගැටුමක්‌ ඔහුගේ ඉල්ලා අස්‌වීමට හේතු වී තිබේ.

බ්‍රයන් ඇක්‌ෂන් හා ජෑන් කෝම් එක්‌ව වට්‌ස්‌ අප් ජාලය 2009 වසරේදී සොයා ගන්නා ලද අතර 2014 වසරේදී එය ඩොලර් බිලියන 19 කට ෆේස්‌බුක්‌ සමාගම වෙත විකුණා දමන ලදී. වට්‌ස්‌ ඇප් ජාලය පරිහරණය කරන්නන්ගේ පුද්ගලික තොරතුරු අන්සතු නොකිරීම සඳහා මෙම දෙදෙනා එය ෆේස්‌බුක්‌ සමාගමට විකුණන විටද දැඩි කොන්දේසි පනවා තිබිණි.

කෙසේ වෙතත් මෑතකදී ෆේස්‌බුක්‌ ජාලය තමන් සතු පුද්ගල තොරතුරු වෙනත් පාර්ශ්වවලට ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
ෆේස්‌බුක්‌ සමාගම විසින් මෙම තොරතුරු ලබාදීමේ ප්‍රශ්නය හා වට්‌ස්‌ ඇප් ජාලය වාණිජකරණයට උත්සාහ දැරීම නිසා ජෑන් කෝම් හා ෆේස්‌බුක්‌ සමාගම අතර ගැටුම ආරම්භ විය.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply