Apr
26

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ – ලංකාවට පළමු තරඟය නවසීලන්තයත් සමග

305 Views

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී පැවැත්වෙනු ඇති.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 වසරේ පැවැත් වූ ආකාරයට පැවැත්වීමට සූදානම්ව සිටිම විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිත වේ.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 9 සමගම මූලික වටයේදී තරග වැදීමට නියමිත ය.

මූලික වටයේ ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළෙඹන වසරේ මැයි මස 30 වන දා පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් දකුණූ අප්‍රිකාව හා එංගලන්තය තරග බිමට පිවිසීමට නියමිත ය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය එළඹෙන වසරේ ජූනි මස 1වන දා නවසීලන්තයත් සමග කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජූලි මස 14 වන දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply