May
6

Facebook, Instagram ලංකාවෙන් අයින් උනොත් වෙන්න පුලුවන් දේවල් 12ක් මෙන්න

531 Views

අපේ අය දැන් දවසම ජීවත් වෙන්නෙ FB, Insta එකේ තමයි. අපි කන හැටි බොන හැටි අඳින පළඳින ගමන් බිමන් යන හැටි ලව් කරන හැටි පවා අපි අනිත් අයට සන්නිවේදනය කරන්න පුරුදු වෙලා තියෙන්නෙ මේක හරහා. අපිට නැතුවම බැරි මේ social networks දවසක සදහටම වහල දැම්මොත් එදාට ලංකාවේ තත්ත්වය මොනව වෙයි කියලද ඔයාල හිතන්නෙ?

1. සෙල්ෆි ගර්ල්ස්

Facebook, Instagram නැතිවූ ගමන්ම මුලින්ම අසනීප වන්නේ සෙල්ෆි ගර්ල්ස්ලාය. ඒ ලයික්ස් සහ කමෙන්ට් ඌණතාවය නිසාය. මේ අඩුව මකාගැනීම සඳහා ජනාකීර්ණ හන්දියක හිටගෙන හිඳිමින් අවටින් යන කොල්ලන්ගේ “හායි බේබ්ස්” “inbox me” වගේ ටෝක්ස් කමෙන්ට් හැටියටත් අතින් කරන එක එක සංඥා ලයික්ස් හැටියටත් ගණන් කිරීමට සෙල්ෆි ගර්ල්ස්ලාට පුරුදු වෙන්නට සිදුවනු ඇත.

2. හැපි බෝද්දේ!

ෆේස් බුක් නැතිවීමෙන් පසු උදාවෙන පළවෙනිම උපන් දිනය මල මුස්පේන්තු එකක් වනු නොඅනුමානය. එයට හේතුව දහස් ගණන් යාලුවෝ හිටියත් එකෙක්ටවත් තමන්ගේ උපන්දිනය මතක නැතිවීම නිසාය. වෙනදාට වෝල් එක පිරෙන කේක්, ටෙඩිබෙයාලා සහ ඉටිපන්දම් ගැන හිතමින් සුසුම් හෙලමින් ඉන්න වෙනු ඇත. ඒ අතරේ පරණ යාලුවෙක් පමණක් උපන්දිනය ගැන සිහිවී සුබ පතන්නට ඉඩ ඇත.

3. කෑම බීම

ආහාර පිළිබඳ සෑහෙන ප්‍රශ්න ඇතිවෙන කාලයකි. කෑවට අනිත් අයට පෙන්නන්ට නොහැකි වීම නිසා කෑවත් නොකෑවා වගේ ගතියක් දැනෙන්නට ඉඩ ඇත. ආහාර අරුචිය, වමනය, මන්දපෝෂණය වැනි රෝග බහුලව පැතිර යා හැක.

පීසා ඕඩරේ එන වෙලාවට අසල්වැසියාව පොඩ්ඩක් කතාවට අල්ලාගෙන තමන් මිලදීගත් ආහාර පෙන්වීමෙන් සුලු සතුටක් ලබන්නට සිදු වෙනු ඇත.

4. අප්ඩේට්ස්

යාලුවන්ගේ සහ නෑදෑයන්ගේ අප්ඩේට්ස් දැනගැනීමට ඒ අයව හමුවෙන්න, කෝල් කරන්න, ව්ට්ස්ඇප්, වයිබර් එකක් යවන්න වෙනු ඇත. අහල පහල කෙල්ලන්ගේ අප්ඩේට් හොයන්නට තාප්ප වලින් පැන දඩෝරියන්ට බිලි වන පිරිසද, කාමර වලට එබිකම් කරන්න ගොස් මිය යන පිරිසද ඉහල යනු ඇත. පශු වෛද්‍ය වරුන්ට, පොලිසියට සහ කැඩුම් බිඳුම් වෙද මහත්තුරුන්ට (වත්තෙ ඉන්න මුර බල්ලන්ට) සුබ කාලයක් උදාවෙනු ඇත.

5. පාතාලේ

හාල් මැස්සන් සයිස් බුකි පාතාල වැඩ කරුවන්ටනම් ඉතාම අපල කාලයක් උදාවිය හැක. ලොකු සීන් දමන්නට වෙන්නේ එලිපිට බැවින් ඒ සඳහා කීබෝඩ් එකකින් තොරව පුරුදු පුහුණු විය යුතුය. තුන් වේලටම Weight Gainers, Casilan 90 බොමින් එක්සයිස් කොට රහසිගතවම ඇඟ හදාගෙන මිසක් එළියට බැසීම අගුණය. එළියට බැසීමට පෙර දෙමවුපියන් ලව්වා කේන්දරේ චෙක් කරගැනීමද අනිවා සිදුකල යුතුය. ජ්‍යොතිෂඥයින්ගේත් බිස්නස් වැඩි වන කාලයකි.

6. බුකි පොලිටික්ස්

ඒ පැත්තට මේ පැත්තට කැරකෙන දේශපාලන මති මතාන්තර නොමැති හෙයින් රට ඉදිරියට යනවාද, ආපස්සට යනවාද, කොටි නැගිටිනවාද කියා දැනගැනීමට නොහැකිව ජනතාව පීඩාවට පත්වනු නොඅනුමානය. තාප්පයේ හෝ නිවසේ තමන්ගේ පක්ෂයේ පාට ගා තම පක්ෂ නායකයාගේ පෝස්ටරයක් කාටත් පෙනෙන තැනක අලවා තැබීමෙන් තම දේශපාලන මතය තරමක් දුරට සන්නිවේදනය කරන්නට දේශපාලන උණකාරයන් පෙළඹෙනු ඇත.එසේ වුවද ෆේක් ප්‍රොෆයිල් නැතිව ගේම් බැරි මේ උදවිය බොහොමයකට මල්ටිපල් පර්සනැලිටි ඩිස්ඕඩර් වැනි රෝග වැළඳීමට ඉඩ ඇත. ලෝකෙ යම් යම් තැන්වල ත්‍රස්ථ ප්‍රහාර වූ විගස ගෙයි ඉදිරිපිට ඒ ඒ රටේ කොඩි මතුවීමටද ඉඩ ඇත.

7. පවුල් අවුල්

අඹුසැමියන්ට හෝ පෙම්වතුන්ට බර්ත්ඩේ එක, ඇනිවසරිය අමතක වීම නිසා පවුල් ගොඩක් අවුල් වීමට ඉඩ ඇත. අයි ලවු යූ, හැපි බර්ත්ඩේ වැනි දේවල් හැමෝටම පේන්න ශෙයාර් කරනු වෙනුවට මූණටම කියන්නට සිදුවනු ඇත. නැතිනම් වෙනදා තරම් ආදරේ නැතියැයි පෙම්වතුන්ට හිතෙන්නට ඉඩ ඇත.

8. නිව්ස් අප්ඩේට්

නිව්ස් ගැන අප්ඩේට්ස් දැනගන්න පත්තර කියවීමට නැවත යොමුවීමට සිදුවෙන කාලයකි. හිතට අල්ලන නිවුස් ශෙයා කර කමෙන්ට්ස් බැලීම සඳහා ඉස්සර ඉස්ටයිල් එකට කඩයක් ඉදිරිපිට වාඩිවී මහ හඬින් නිවුස් එක කියවන්න සිදුවනු ඇත. එවිට අහල පහල අය නිවුස් එකට කමෙන්ට් කරනු අමතරව තම දෙමවුපියන් ගැනද මෙන්ෂන් කරන්නට පෙළඹෙනු ඇත.

9. ඔපීසිය

ඔෆිස් එකේ වැඩ කරන වරු ගණන ඩබල් උනා සේ දැනෙන්නට ඉඩ ඇත. වැඩ වැඩි, පඩි මදි ගතියක් එක්කම අප්සෙට් බුවාල එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න සිදුවෙන හැඟීමක්ද ඇතිවනු ඇත. ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් නරකයි කියපු උන්ද කාලය කා දැමීම සඳහා එහි පිහිට පතනු ඇත.

10. බිසිනස්

පොටෝ සාප්පුව උලා හැඩ කරන පින්තූර වෙනුවට තමන්ගේ සැබෑ රූපයම පෙන්වන්න වෙන නිසා වැඩිපුර මේකප් කිරීමට සිදුවනු ඇත. බියුටි ප්‍රඩක්ට්ස් වලට බිස්නස් වැඩි කාලයකි.

අනුන්ගේ ප්‍රොෆයිල් හොරෙන් බැලීමේ ආශ්වාදය විඳින්නට බැරි නිසා අනුන් දෙස හොරෙන් බැලීමට වැඩි පිරිසක් අවුකණ්නාඩි පළඳිනු ඇත. සන්ග්ලාස් හොඳට විකිණෙනු ඇත.

ෆෝන් වල බැටරිය වැඩි කලක් පවතින බවටත්, ලැබෙන ඩේටා ප්‍රමාණය ඔබටත් හොරෙන්ම වැඩිකර ඇති බවටත් දුරකථන සහ අන්තර්ජාල සමාගම් විසින් බොරු කියනු ඇත

11. තාප්ප

තමාගේ වැඩ කිඩ ශෙයා කරන්නට Timeline එකක් නැති හේතුවෙන්, ඉපැරණි FB Wall සිහිකර ගෙදර තාප්පය යොදාගනු ඇත. අලුතින් ට්‍රිප් ගිය ෆොටෝ, කාපු කෑම වගේ දේවල් තාප්පේ එල්ලන්ට ඉඩ ඇත. අහල පහල අයටද තාප්පේ ලියමින් අදහස් පළකල හැක. පේන්ට් බාස්ලාට සුභ කාලයකි.

12. ෆීලිං හැපී විත්

ෆේස් බුක් නැති ජීවිතයට ටිකෙන් ටික මිනිස්සු හුරු වෙනු ඇත. කාලයක් යද්දී එළිමහනේ ඇවිදින්න, සැබෑ මිතුරන් එක්ක කතා කරන්න, කෑමක් ඇත්තටම රස විඳින්න වගේ දේවල් වලට හුරුවී වෙනදාට වඩා සතුටක් සහ නිදහසක් මිනිස්සුන්ට දැනෙන්නට පටන් ගනු ඇත.

ඒ වගේ හිත හොඳටම සන්තෝෂෙන් තියන වෙලාවක “Feeling happy with” කියලා පොඩි ෂෙයාර් පාරක් දාන්න Facebook නැති එක ගැනද හිත යට පොඩි දුකක් ඇතිවෙන්න ඉඩ ඇත.

අපි මේ කියන දේවල් එදාට වෙන්න පුලුවන්ද බැරිද? ඔයාලගේ අදහසුත් අපි එක්ක බෙදාගන්න.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply